MG 6876

මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාවන් සැපයිමෙහිලා, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයෙහි කේන්ද්‍රස්ථානය ලෙස පවුල් සෞඛ්‍ය කාර්‍ය්‍යාංශය ස්ථාපිත කිරීමත් සමගම, සිය ආයතනික ව්‍යුහය ශක්තිමත් කරගනිමින් අන්තර් සමිබන්ධතායන් තුළින්, දේශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා දායක විමට හැකිවිය.

මාතෘ හා ළමා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ, ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය, ලොව අන් රටවලට සාපේක්ෂව අති මහත්ය. මෙම ජයග්‍රහණයන් අත්පත් කර ගැනීමෙහිලා, පවුල් සෞඛ්‍ය කාර්‍ය්‍යාංශය විසින් නොමද කැපවීමක් කර ඇත. පවුල් සෞඛ්‍ය කාර්‍ය්‍යාංශයේ වර්තමාන අධ්‍යක්ෂවරයා ලෙස, මෙම ජයග්‍රහණයන් උදෙසා කැපවීමෙන් උරදුන් සියලු දෙනාට, මාගේ හෘදයාංගම ස්තුතිය පුදකිරීමට කැමැත්තෙමි.

ස්වකීය වෙබි අඩවියක අවශ්‍යතාව, බොහෝ කාලයක් තුළ සිටම, මෙම ආයතනය සතුව පැවති අතර, පවුල් සෞඛ්‍ය පිළිබඳව තොරතුරු ගවෙෂණයෙහිලා අවශ්‍යතාව ඇති අය සදහා මෙම වෙබි අඩවිය හදුන්වා දීම මාගේ ඉමහත් සතුටට හේතු කාරණාවෙ.

වෛද්‍ය සපුමල්  ධනපාල

වැ බ අධ්‍යක්ෂ/මාතෘ හා ළමා

නියෝජ්‍ය අධ්‍යක්ෂ

directorBLANK

වෛද්‍ය 

නියෝජ්‍ය අධ්‍යක්ෂ/මාතෘ හා ළමා